පොලොස් මාමාත් මේ බ්ලොග් ලියන කෙරුවාවට එන්න කලපනා කලා ඕන්. පොලොස් මාමා කිව්වාට හුඟ දෙනෙක් දන්නේ නැනේ. හබැඉ නාඩියාගේ නාඩි කියවන ඇත්තන්නට නම් මේ නම් අලුත් නමක් වෙන්නේ නැ. වෙලාවකට නාඩියාගේ අතීසාර මිත්තරයා, වෙලාවකට නොම්මර නමය කාමරේ නාහෙට නාහන එක කිය කියා මේ මාව හංවඩු ගැහුවා කියලා නාඩි කියවන උන් දන්නවා ඇතිනේ.
මේ අසමජ්ජාති අලුකුත්තේරු වැඩ වලට තිත් පෙරලි කොමාවක් දාන්න කියලා හිතාගෙන පොලොස් මාමා නමෝ විත්තියෙන්ම වැඩේට බහිනවා.
පොලොසා කියන්නේ උඩරට කඳු කරයේ ඇග කිලි පොලා යන සීතේ (විස්සවිදයාලයේඋන් කියන විදියට) උදේට නැගිටින්න තියා හිතන්නවත් අකමැති මිනිස්සු ඉන්න පැත්තක උපන් අමුතුම bulletඑකක්.ඒ නිසාද මන්ද දැනටත් හද්ද ගිනි ගහන මද්දගහනේ යස අගේට කැන්ටිමේ බංකුවක් උඩ සැපට පෙරලිලා 5'5බුරුත කොට ඉරන talentඑක ලැබිල තියෙන්නේ..ඉස්කෝලේ යන කාලේ ඒ පැත්තම හොල්ලගෙන හිටපු දත් දොස්තරකෙනෙක්ගේ සුජාත දෝණියන්දට ඔලුව විකාර වෙන පෙම් හසුනක් දීලා පැත්තේම අම්බානක් තමාගේ ශ්‍රී විභූතිය විදහා පාපු කොල්ලෙක්.
(මගේ ඊළඟ මැල්ලුමෙන් මුළු විස්තරේම කියන්නම්කො!!!) කොහොමින් කොහොම හරි
A/L එහෙම මදි නැතුව දෙපාරක් ම කරලා, මමත් set උනා රජුන් උපන්රටේ සරසවියේ තොරතුරු තාක්ෂණය අකුරු කොරන්න.
(ඔය ආවට මොකද උගන්නන මෙලෝ අට මංගල්ලයක් තෙරෙනෙනවා එහෙම නෙවෙඉ). බ්ලොග් අවකාශයේ මේ විදියට මැල්ලුම් කොටන්න ඕනේ කියලා හිතුනේ ඇඉකියලා මටත් තමා හරි හමන් තේරුමක් නැ. එත් මේ හිස් ගෙඩිය ඇතුලේ තියෙන/ඇතුලට එන මොලේ කොලොප්පන් වෙන අදහස් ටික කොහෙහරි හරි ලියනවට වඩා මැල්ලුමක් කොටන එක හොඳි කියලා හිතුන.එත් ඉතින් ඉස්සරහට මොන මොන ජාතියේ මැල්ලුම් කෙටෙඉඩ් කියලා කව්ද දන්නේ?
මොන උලව්වක් හරි කමක් නැ. ඔන් පොලොස් මමත් අද ඉඳන් මැල්ලුම් කොටනවා. කට්ටියම එකතුවෙලා ගුණ දොස් තේරුම් බේරුම් කරලා දීලා මට support එකක් දෙන්න පිං සිත් පහල වේවා.
follow පාරක් එහෙම දාල comment එකකුත් දුනොත් මල් හතඊ
ඔන්න එහෙනං පොලොස් මාමේ..... මගෙන් සුභම සුහ පැතුම්..... උඹත් නාඩියා වගේම ලෝකප්‍රසිද්ද වෙන්න ඕනේ....
ReplyDeleteහොහ් හොහ්. බොහොම ඉස්තුති කීව. අපිත් ඉතින් ප්‍රසිද්ද උනොත් නරකද?
Deleteකවුද බං තේජානයෝ ලෝක පුරසිද්ධ?
Deleteඅප්පේ! උඹත් ලියන්න අවාද? එල එල දිගටම මැල්ලුම් ලියපන්! සුභ පැතුම්!
ReplyDeleteඅපි ඉන්නං ලඟින්!! :)
ඔව් ඔව්. උඹ තනියම වැල වරකා සේරම අනුභවකරනවා බලන්න බැරි නිසා ඔන් මමත් ආව :). ගුරු මුෂ්ටි නැතුව දන්නා දේ කියලා දියන්කෝ.
Deleteපැත්තම හොල්ලගෙන හිටපු දත් දොස්තරකෙනෙක්ගේ සුජාත දෝණියන්දට ඔලුව විකාර වෙන පෙම් හසුනක් දීලා පැත්තේම අම්බානක් තමාගේ ශ්‍රී විභූතිය විදහා පාපු කොල්ලෙක්. :P :P :P ශ්‍රී විභූතිය වෙතත් චාටර් උන හැටි නම් හොදීන්ම දනිමිය. good luck මචන්. (y)
ReplyDelete:thank you වේවා මචන්. හොහ් හොහ්.විලිලැජ්ජාවේ බැරි උනා උන්දැ අපේ ගෙදරටනඩු කියන්න අපේ වෙලාවේ. :)
Deleteගුඩ් ලක් වේවා පොලොසෝ !!!!හොද හොද දෙවල් පහු පහු වෙනකොට එලිවෙන් නැතේයී ;).චිරාත් කාලයක් මැල්ලුම් ලියන්ට ලැබේවා කියල Wish කරනවා.
ReplyDeleteතැනකු වේවා.!! කගේ කාගේත් කිල්ලෝට වල හුණු තියෙනවලුනේ. හොහ් හොහ්..
ReplyDeleteපොලොස් මාමාට ඔන්න ෂැගියාගෙනුත් උණුසුම් සුබ පැතුම්....පොලොස් මැල්ලුම් වගේම ලුණු ඇඹුල් ඇති පොලොස් මාළුවකුත් දාන්න ... ඕන කලාබරයක් කියලා දිගු පොලොස් ගමනකට සුබ පැතම් ......
ReplyDeleteඑහෙනම් එහනම්. හොඳ හොඳ පොලොස් මලු ඉස්සරහට දෙන්න තමා කල්පනාව.!! ඉස්තුති. ජය!!
Deleteඇස්වහක් කරටවහක් නැ ඕන් මනියගෙනුත් සුභපැතුම්... හොදට ලුනු ඇබුල් ඇති පොලොස් මැල්ලුම් කොටන්න පොලොසාට දයිරිය වාසනාව ලැබේවා..
ReplyDeleteඇඳ උඩ ඉන්න මනිය දුන්න සුබපතුමටත් ඉස්තුඋති. උඹටත් චිරාත් කාලයක්. අදර ලොකු උටුණු පළදින්න වාසනාව ලැබේවා, ජය!!
Deleteela kiri polos mame..
ReplyDeleteOhoma liyagena yamankoo..
Apit ennam aniwa me paththe karak gahanna..
බොහොම තැන්කු වේවා දමිත් කොලුවෝ.ලියන්නම්කො මැල්ලුමක් කට්ටියටම තලු මරන්න.ජය!!!
ReplyDelete
ReplyDeleteඅප්පේ පොලොස් මාම විතරය් අඩුවට හිටියේ....දැන් ඉතින් අපිට තව රසවත් කතා ටිකක් අහන්න පුළුවන්...ජයෙන් ජය පොලොස් මාමේ....
බොහොමත් තැන්කු වේවා තිලිණි කෙලි. ලගදීම අලුත් මැල්ලුමක් දානවා.
ReplyDeleteබලන්නකෝ .ජය!!