හිතෙන මල උලව් සේරම ලියපු බ්ලොග් එක

ලියපුවා කියවල හිත අමනාප කරගන්ට හෙම නෙමේ

Thursday, December 27, 2012

උඹ කාටහරි ලව්ද?



මේ තමා පොලොස් මාමා වන මං තුමා කොටන දෙවෙනි මැල්ලුම. මුල්ම මැල්ලුම බලලා මොකුන් නොකිය ගිය, මොනවා හරි කියලා ගිය හැමෝම මට දුන්න support එකට බොහොම පිං.
අපේ තරුණ ගැටිස්සියෝ ගැටවරයෝ බොහෝම අසාවෙන් තලු මරණ topic එක ගැන තමා මේ පාර මැල්ලුම.

අපේ අත්ත මුත්තා කිත්තා කිරිකිත්තගේ කලේ ඉඳලා මෙකි නොකී හැමෝගෙම ඔලුව මෙව්වා කරපු ලෝක ප්‍රශ්නයක් තමා ඔය ආදරය  (අපේ භාෂාවෙන් ලව් එක කියන්නෙත් ඔකටම තමා මම හිතන්නේ). මේ ලෝකයේ කව්රු කොහොම පුරාජේරු දෙඩෙව්වත් ජීවත්වෙන ඔක්කොම මේ ආදරේට හරිම කෑදරඊ.




 මේ මං තුමත් ජීවිතේ එක පාරක් බොක්කෙන්ම ආදරේ කරලා ගිලින්න බැරි අම්බානක් තඩි පරාල ඇනයක් කාපු පොරක් තමා. කාපු ඇනේ මල කාල දිරවා ගන්න බැරුව මේ තාමත් බෙහෙත් හොයනවා.හොහ් හොහ්.(බෙහෙතක් එහෙම හම්බ උනොත් එහෙම කියන්න ඈ!!). ඇත්තටම ආදරේ කියන්නේ මෙව්වා එකක් කියලා කියන්න පුළුවන් කව්රුත් මට තමා මුණ ගැහිලා නැ. ඕක හරියට දැකපු එකෙකුත් නැ.හොහ්.!! හබැඉ පුතේ අර වික්ටොර් රත්නායක මහත්තයාගේ සින්දුවක තියෙනවා  වගේ.

සිහිල් සුළං රැල්ලේ
ඔබේ සුවඳ මුසුවේ.

ආදරයේ මද සිනිදු පහස ලැබ හදවතදළු සෙලවේ......

මේ කතන්දරේ ඇත්තටම දැනෙන්නේ හදවතට. ඔය දැනෙන feeling එක විස්තර කරන්න ගියොත් මොලේ කොලොප්පම් වෙනවා සුවර්. පුස්තකාලයක් පිරෙන්න පොත් ලීවත් දැනෙන ත්‍රිල් එක වචන වලට හරවන්න බැ. එත් ඒ දැනෙන මෙව්වා එක අපේ ජීවිතේට එකතු කරන සතුට මෙන්න මෙකඊ
 කියලා කියන්න කාටවත් බැ. ඊක නොව ඔය එක එක ජාතියේ අමුතු තාලේ සින්දු එහෙම බිහිවෙන්නේ.
(හබැඉ ඉතින් දැන් කාලේ තියෙන සමහර සින්දු අහනවට ඒවා කියන "ඔලමොට්ටලයෝ" අපිට  කීයක් හරි දෙන්න ඕනේ )..
අපිට අපේ පොඩි කාලේ අම්ම තාත්තාගෙන් ලැබුණු ආදරේට සමාන කරන්න තරම් ආදරයක් මෙලෝකේ කොහෙවත් නැ. ඒ ආදරයඒ තරම්ම සුන්දරඊ. එත් ඔය අවරුදු 16ක් 17 ක් වෙන කාලේ ශරීරයේ එක එක අංග උපාංග එහෙම එහෙ මෙහෙ වෙලා පොඩ්ඩක් තෙල වැඩි වෙන කාලයක් එනවනේ. (උගත්තු මේ කාලෙට කියන්නේ නව යෝව්න් විය කියලා ඔන්)  ඔය කාලේදී තමා ආදරයක මුල්ම හැගීම අපේ හිතට එන්නේ. ඔය කාලෙට තමා කොඉ කව්රුත් අහන්නේ "උඹ කාටහරිලව් ද?" කියලා. හොහ් හොහ්.!!





ඉතින් ඒ කාලෙට තමා කොල්ලොන්ගේ කල් කිරියාව හොඳ හැටි බලාගන්න පුළුවන්. තමන් කැමති කෙල්ල ළඟ පාඨක නැති වෙලාවට දෙන්නේ thousand talks. වෙන එකෙක් නිකන් හරි හරහට හිටියොත් කට ඇතුලට ඇත දාල කකුලෙන් ඇදල අනික් පැත්ත ගහන්න කතාව. හබැඉ කෙල්ල ලගට එද්දී ලොම් හැලිච්ච සුනකය වගේ නගුට පස්සපත්තේ ගහගෙන හැංගේනවා. (අහනකොට සමහරුන්ට හිනත් යනවා ඇති ඔන්).


කොහොමින් කොහොම හරි පුරුෂ ශක්තිය වඩවා ගෙන දත කට මැදගෙන කැමැත්ත ගන්න අහන දවස් එනවනේ. එදාට සමහරුන්ට ගත් කටටම "බෑ" ගානවා එතකොට තමා කොල්ලොන්ට පොළොවේ වලක් හාරලා අහවල් එක විතරක් උඩ තියෙන්න මුළු ඇඟම යට කරලා පාගගෙන යන්න කියලා කියන්න හිතෙන්නේ.





ඔය අතරරේ අහපු කොල්ලට කැමති වෙන කෙල්ලොත් නැතුවම නෙවෙඉ. එදාට ඉතින්  උගේ යාලුවොන්ට රජ මගුල්.මුට ගෙදර යන්න කියලා තියාගෙන හිටිය තුට්ටු දෙකටත් තට්ටු කරන්න යාලුවෝ ටික අමතක කරන්නේ නැ. (අත්දැකීමෙන් කියන්නේ ඔන්). ගිය choon එකේ තරමට කොල්ලට කොළඹට පල කිව්වත් යනවා.

ඔන් ඊට පස්සේ තමා love story එක පටන් ගන්නේ. උදේට නැගිට්ට වෙලාවේ ඉඳන් අයෙත්රෑට බුදියන්න යන වෙලාව වෙනකන් ඔලුවේ අමුතුම "මෙව්වා" එකක් වැඩ කරනවා. සමහරු නිකන් ඉන්න ගමන් මොලේ අමාරු කාරයෙක් වගේ හිනා වෙනවා කියලා දෙමාපියෝ පිස්සු දොස්තරලා ලඟටත් අරන් යනවලු.

එත් ඉතින් මේ කතා කොරන්නේ සතියකට සැරයක් කොළඹ තාරු පහේ හෝටල් වලට යන, රැට තමන්ගේ "කෑල්ලත්" එක්ක night club ගානේ බඩගාන, සති දෙකකින් අර "කෑල්ලව" බඩ කරන "සිල්ලර"  අදරක් ගැන නෙවෙඉ.
මේ කියන්නේ තමන්ගේ මුළු ජීවිතේම දුක සතුට බෙදාගන්න, තමන්ට මුළු හදවතින්ම ආදරෙයි කියල කියන්න පුළුවන්, ලේ ඇට මස් නහර කැකැරීගෙන හදවතට දැනෙන ඒ අමුතුම සුවක් තියෙන  පුජනීය ආදරේ ගැන.
(මේ ගැන ඉතින් තවත් වල වටාරම් කියවල වැඩක් නැ ඔන්, කියවන කව්රු කව්රුත් ඔය කියන ආදරේ අඩු වැඩියෙන් විඳලා අඩු ගානේ අහල හරි ඇතිනේ,)

කොහොමහරි මංතුමා මේ කියන්න තටමන්නේ වෙන මොකක්වත් නෙවෙඉ, ආදරේ කොරන එකත් සෙල්ලමක් නෙවෙඉ. මොකද මේ සෙල්ලම කරන්නේ තමුන්ගේ හදවතත් එක්ක නිසා. මොලේ වගේ හිතල තීරණයක් ගන්න බැරි ,තමුන් කියන දේකට පොඩ්ඩක්වත් අවනත නැති අමුතුම ජාතියේ අවයවයක් නිසා, කරන කෙරුවාව වරදුනිත් පුතෝ ඉතින් අය්යනායක දෙය්යන්ගෙ පිහිට තමා. ඔය කාලෙට තමන්ගේ පෙම්බරීගෙන් ලැබෙන එක බැල්මක්, එක ඔරොප්පු මුඋනක් ඇති අරුට නියගලා අල ගෝනියක් දෙසා බාන්න.

අනික් අතට ඒ ලස්සන මුණෙන් ලැබෙන එක හිනාවක් ඇති අර අහිංසකයට පැය ගානක් හීන ලෝකේ තනිවෙලා එයත් එක්ක කියාගන්න බැරි උණු ආදරකතා කියවල මහා පොළොවේ ඉඳලා ප්ලුටෝ දිහාවට ගුවන් ටිකට් පත් නැතුවම පාවෙලා ගිහින් එන්න. ඔන්න ඔහොම තමි ආදරේ හැටි ඔන් (තාම ආදරේ කොරල නැති ඒත් කෙල්ලෝ දාහටකට love කරලා තියෙනවා වගේ පොර talk දෙන කාට කාටත් දැනගන්න එක්ක තමා ඔය කිව්වේ)




කොහොමහරි මැල්ලුම කියවන කාට කාටත් කියන්න තියෙන්නේ. ආදරේ කියන්නේ එසේ මෙසේ දෙයක් නෙවෙඉ. කියන්න ගියාම දිව උළුක්කු වෙනකන් කතා කරන්න පුළුවන් තොපික් එකක්. සල්ලිවලට ආදරෙ විකිණෙන අද වගේ කාලෙක තමන්ට මුළු හදවතින්ම (අපේ වචනෙන් "බොක්කෙන්ම" ) ආදරේ කරන්න පුළුවන් කෙනෙක් හොයාගන්න. දවස්ගානක් තමන්ට එක වචනයක්වත් කතා නොකර හිටියත් ළඟ ඉන්නවා වගේ ආදරේ දැනෙන කෙනෙක් හොයාගන්න. අන්න එහෙම උන දවසට ඔය කගේ කාගේත් ජීවිත වලට දැනෙන දුක, තනිකම පාළුව මැකිලා යාවි.

තව දිගටම පොලොස් මාමා වන මංතුමා මැල්ලුම් කොටන්න තමා හිතාගෙන ඉන්නේ. දැනට මේ විස්තරේ ඇති... නවතින්න කලින් විශාරද නන්දාමාලිනි මහත්මියගේ හදවතටම වදින සිංදුවකින් මැල්ලුම නවත්තන්නම්  
ඔන්.
ප්‍රේමය නම් රාගයෙන් තොර
 සඳ  එලිය සේ අචින්ත්ත්‍ය,.....
පරිශුද්දඑ සුරම්‍යඒ.......

ඉතින් උඹ කාටහරි ලව් ද කව්රුහරි ඇහුවොත්, ගත කටටම ඔව් කියලා වමාරන්නේ නැතුව මීට පස්සෙවත් හොඳට හිතල මතල කියන දෙයක් කියනවනම් හොඳඑ ඔන්.!!

Friday, December 21, 2012

පොලොස් මාමා හෙවත් "මම"


පොලොස් මාමාත් මේ බ්ලොග් ලියන කෙරුවාවට එන්න කලපනා කලා ඕන්. පොලොස් මාමා කිව්වාට හුඟ දෙනෙක් දන්නේ නැනේ. හබැඉ නාඩියාගේ නාඩි කියවන ඇත්තන්නට නම් මේ නම් අලුත් නමක් වෙන්නේ නැ.  වෙලාවකට නාඩියාගේ අතීසාර මිත්තරයා, වෙලාවකට නොම්මර නමය කාමරේ නාහෙට නාහන එක කිය කියා මේ මාව හංවඩු ගැහුවා කියලා  නාඩි කියවන උන් දන්නවා ඇතිනේ.
මේ අසමජ්ජාති අලුකුත්තේරු වැඩ වලට තිත් පෙරලි කොමාවක් දාන්න කියලා හිතාගෙන පොලොස් මාමා නමෝ විත්තියෙන්ම වැඩේට බහිනවා.


පොලොසා කියන්නේ උඩරට කඳු කරයේ ඇග කිලි පොලා යන සීතේ (විස්සවිදයාලයේඋන් කියන විදියට) උදේට නැගිටින්න තියා හිතන්නවත් අකමැති මිනිස්සු ඉන්න පැත්තක උපන් අමුතුම bulletඑකක්.ඒ නිසාද මන්ද දැනටත් හද්ද ගිනි ගහන මද්දගහනේ යස අගේට කැන්ටිමේ බංකුවක් උඩ සැපට පෙරලිලා 5'5බුරුත කොට ඉරන talentඑක ලැබිල තියෙන්නේ..ඉස්කෝලේ යන කාලේ  ඒ පැත්තම හොල්ලගෙන හිටපු දත් දොස්තරකෙනෙක්ගේ සුජාත දෝණියන්දට ඔලුව විකාර වෙන පෙම් හසුනක් දීලා පැත්තේම අම්බානක් තමාගේ ශ්‍රී විභූතිය විදහා පාපු කොල්ලෙක්.
(මගේ ඊළඟ මැල්ලුමෙන් මුළු විස්තරේම කියන්නම්කො!!!) කොහොමින් කොහොම හරි
A/L එහෙම මදි නැතුව දෙපාරක් ම කරලා, මමත් set උනා රජුන් උපන්රටේ  සරසවියේ තොරතුරු තාක්ෂණය අකුරු කොරන්න.
(ඔය ආවට මොකද උගන්නන මෙලෝ  අට මංගල්ලයක් තෙරෙනෙනවා එහෙම නෙවෙඉ). බ්ලොග් අවකාශයේ මේ විදියට මැල්ලුම් කොටන්න ඕනේ කියලා හිතුනේ ඇඉකියලා මටත් තමා හරි හමන් තේරුමක් නැ. එත් මේ හිස් ගෙඩිය ඇතුලේ තියෙන/ඇතුලට එන මොලේ කොලොප්පන් වෙන අදහස් ටික කොහෙහරි හරි ලියනවට වඩා මැල්ලුමක් කොටන එක හොඳි කියලා හිතුන.එත් ඉතින් ඉස්සරහට මොන මොන ජාතියේ මැල්ලුම් කෙටෙඉඩ්  කියලා කව්ද දන්නේ?
මොන උලව්වක් හරි කමක් නැ. ඔන් පොලොස් මමත් අද ඉඳන් මැල්ලුම් කොටනවා. කට්ටියම එකතුවෙලා ගුණ දොස් තේරුම් බේරුම් කරලා දීලා මට support එකක් දෙන්න පිං සිත් පහල වේවා.

follow පාරක් එහෙම දාල comment එකකුත් දුනොත් මල් හතඊ